පාකිස්තානයට ක්‍රීඩා කිරීමට බෑ කියූ හැරිස් රවුෆ්ට වැඩ වරදියි

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ්ගේ මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු පසුගිය වසර අවසානයේ දී ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීමට ගත් තීරණය හේතුවෙන්.

ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා නොකිරීමට හැරිස් රවුෆ් ගත් තීරණයෙන් පසුව ඒ සම්බන්ධයෙන් විභාග කිරීමක් සිදු කළ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

අනතුරුව තීරණය කර ඇත්තේ හැරිස් රවුෆ්ගේ කොන්ත්‍රාත්තුව පසුගිය දෙසැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමටයි.

රවුෆ්ට 2024 වසරේ ජූනි 30 වැනිදා වනතුරු කිසිදු විදෙස් ලීග් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා අවසර (NOC) ලබා නොදීමට ද එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය සදහා අවසන් මොහොතේ දී එක් නොවන බවට හැරිස් රවුෆ් ප්‍රකාශ කිරීමත් සමග අදාළ තරගාවලියට පාකිස්තානයට ක්‍රීඩා කිරීමට සිදු වූ අත්දැකීම් අවම වේග පන්දු යැවීමේ බලඇණියක් සමගින්. ඒ, නසීම් ශාහ්ට ද ආබාධයක් හේතුවෙන් එම තරගාවලිය අහිමි වූ බැවින්.

අදාළ ටෙස්ට් තරගාවලියෙන් පාකිස්තානය තරග 3-0 ක් ලෙස පරාජයට පත් වුණා.

නමුත්, එම කාලයේ දී ක්‍රියාත්මක වූ ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලිය සදහා හැරිස් රවුෆ් ක්‍රීඩා කළ අතර, ඒ සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය ද අවසර ලබා දී තිබුණා.

ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව හැරිස් රවුෆ් සිය මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම ඔස්සේ මාසිකව පාකිස්තාන රුපියල් මිලියන 4.6 ක පමණ වැටුපක් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...