වාර්තා අලුත් කළ මැක්ස්වෙල්ගේ ශතකය හමුවේ T20 තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

Date:

ග්ලේන් මැක්ස්වෙල්ගේ නොදැවුණු විශිෂ්ඨ ශතකය හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 34 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ ජය ද එක් තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(11) සමත් වුණා.

ඇඩිලේඩ් හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණූ 241 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ මැක්ස්වෙල් පන්දු 55 ක් පමණක් වැය කරමින් ලබා ගත් ලකුණු 120 න් ශක්තිමත් වෙමින්.

ඔහුගේ නොදැවුණු ඉනිම හයේ පහර 8කින් හා හතරේ පහර 12 කින් වර්ණවත් වුණා. මෙය ඔහු වාර්තා කළ 5 වැනි 20යි 20 ජාත්‍යන්තර ශතකයයි.

ඒ අනුව 20යි 20 ජාත්‍යන්තර තරගවලදී වැඩිම ශතක ප්‍රමාණයක් වාර්තා කරමින් රෝහිත් ෂර්මා තබා ඇති වාර්තාව ද මැක්ස්වෙල් අද සම කළා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් ලකුණු 42 කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 207 ක් පමණයි.

නායක රොව්මන් පවෙල් පන්දු 36 කින් වේගවත් ලකණු 63 ක් රැස් කළා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 5 ක් සමගින්.

පන්දු යැවීමේ දී මර්කස් ස්ටොයිනිස් කඩුලු 3ක් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඩ් හා ස්පෙන්සර් ජොන්සන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...