ජන්සෙන්ගේ කඩුලු 5 හමුවේ SA20 ශූරතාවය යළි Sunrisers Eastern Cape පිලට

Date:

මාර්කෝ ජන්සෙන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ මෙවර SA20 තරගාවලියේ ද ශූරතාවය දිනා ගැනීමට Sunrisers Eastern Cape කණ්ඩායම ඊයේ(10) සමත් වුණා.

ඒ, කේප් ටවුන් හී දී පැවැති අවසන් මහා තරගයේ දී Durban’s Super Giants කණ්ඩායම ලකුණු 89 කින් පරාජයට පත් කරමින්. SA20 පළමු අදියරේ ශූරතාවය දිනා ගත්තේ ද Sunrisers Eastern Cape කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් පිල කඩුලු 3ක් දැවී ලකුණු 204 ක් රැස් කළා.

ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 56 ක් හා ටොම් ඇබෙල් ලකුණු 55 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සුපර් ජයන්ට්ස් පිලට පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 115 ක් පමණයි.

වියාන් මෝල්ඩර් ලකුණු 38 යි. භානුක රාජපක්ෂ ලකුණු නොලබා දැවී ගියා.

පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් ලකුණු 30 කට කඩුලු 5 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...