එංගලන්ත ප්‍රබල ක්‍රීඩකයෙකුට ටෙස්ට් තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයි

Date:

ඉන්දියාව සමග පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග 3 ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද එංගලන්ත දග පන්දු යවන ක්‍රීඩක ජැක් ලීච්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු හයිදරාබාද් හී දී පැවැති පළමු ටෙස්ට් තරගයේ දී මුහුණ දුන් දණහිසක ආබාධය හේතුවෙන්.

එම ආබාධය නිමා ජැක් ලීචට් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

අවසන් ටෙස්ට් තරග තුන ද ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වී ඇතත්, ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ නොකිරීමටයි එංගලන්ත ක්‍රිකට් බළධාරීන් පියවර ගෙන ඇත්තේ.

ජැක් ලීච් ඉදිරියේ දී අඩුබායි නුවර සිට යළි එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් අබුඩාබි නුවර බලා පිටත්ව ගිය අතර, තෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 15 වැනිදා රාජ්කොට් හී දී ආරම්භ වීමට පෙර ඔවුන් යළි ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...