ඉන්දියාව පරදා සිව්වැනි වරටත් යොවුන් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

Date:

දකුණු අප්‍රිකාවේ පැවැති වයස අවුරුදු 19 න් පහළඑක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට ඔස්‍ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අද(11) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ඉන්දීය යොවුන් කණ්ඩායම පරදා ලකුණු 79 ක ජයක් වාර්තා කරමින්.

Benoni හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලකුණු 253 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 43.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 174 ක් පමණයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පිතිකරණයෙන් ලකුණු 55 ක් වාර්තා කිරීමට Harjas Singh සමත් වූ අතර, පන්දු යැවීමේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Mahli Beardman හා Raf MacMillan කඩුලු 3 බැගින් දවා ගත්තා.

මෙය ඔස්ට්‍රේලියාව ජය ගත් සිව්වැනි යොවුන් එක්දින ක්‍රිකට් ලෝක කුසලානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...