ලකුණු 25 කට අවසන් කඩුලු 9 දවා ගනිමින් ශ්‍රී ලංකාව තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Date:

චරිත් අසලංක නොදැවී වාර්තා කළ ලකුණු 97 හා කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම හා ජනිත් ලියනගේ ලබා ගත් අර්ධ ශතක මෙන්ම වනිදු හසරංග ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම හමුවේ ඇෆ්ඝනිස්ථානය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 155 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ම ජය ගැනීමට (තරග 2-0) ශ්‍රී ලංකා කණ්ඩායම අද(11) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 309 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 33.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 153 ක් පමණයි.

දෙවැනි කඩුල්ල සදහා ලකුණු 97 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඊබ්‍රහීම් සඩ්‍රාන් හා රහ්මට් ශාහ් සමත් වූ අතර, සඩ්‍රාන් ලකුණු 54 කටත්, රහ්මට් ලකුණු 63 කටත් දැවී ගියා.

දෙවැනි කඩුල්ල ලකුණු 128 දී බිද වැටීමෙන් පසුව ඇෆ්ඝනිස්තාන ඉනිමේ අවසන් කඩුලු 9 ලකුණු 25 ක් තුළ දැවී යාම කැපී පෙනුණා. අවසන් කඩුලු 8 ලකුණු 10 ක් තුළ දැවී ගියා.

ඊබ්‍රහීම් සඩ්‍රාන් හා රහ්මට් ශාහ් හැරුණු විට වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු නොකිරීම ද විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණූ 27 කට කඩුලු 4 ක් දවා ගනිමින් ඇෆ්ඝනිස්තාන ඉනිම සුනු විසුණු කළ අතර, අසිත ප්‍රනාන්දු හා ඩිල්ෂාන් මදුෂංක කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 308 ක් රැස් කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

චරිත් අසලංක නොදැවී ලකුණු 97 ක් රැස් කළේ පන්දු 74 කින්. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් ඇතුළත් වුණා. කුසල් මෙන්ඩිස් ලකුණු 61ක්, සධීර සමරවික්‍රම ලකුණු 52 ක් හා ජනිත් ලියනගේ ලකුණු 50 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 56 කට කඩුලු 3ක් දවා ගත්තා.

මෙම තරගයේ දී ඇෆ්ඝනිස්තාන පන්දු රකින්නන් අතින් උඩ පන්දු රැසක් ගිලිහී යාම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...