Watch : ගුර්බාස් දවා ගන්න මෙන්ඩිස් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා නායක හා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද(11) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ දී ඇෆ්ඝනිස්තාන ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් දවා ගැනීම සදහායි ඔහු එම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ. (දර්ශන පහතින්)

දුෂ්මන්ත චමීර ආබාධයකට ලක් වීම හේතුවෙන් මෙම තරගයට කැදවූ අසිත ප්‍රනාන්දු යොමු කළ පළමු පන්දුවේ දී ම එම කඩුල්ල බිද වැටීම ද කැපී පෙනුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 308 ක් රැස් කරමින්.

චරිත් අසලංක නොදැවී ලකුණු 97 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 61ක්, සධීර සමරවික්‍රම ලකුණු 52 ක් හා ජනිත් ලියනගේ ලකුණු 50 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 56 කට කඩුලු 3ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...