ශ්‍රී ලංකා කණ්ඩායමට නව දග පන්දු යැවීමේ පුහුණුකරුවෙක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු පළමු පෙල ක්‍රීඩකයෙකු වන ක්‍රෙයිග් හෝවාර්ඩ් පත් කර තිබෙනවා.

පෙබරවාරි පළමු වැනිදා සිට වසර දෙකක කාලයක් සදහා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නව දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ සිට සිය කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

මෙම පත් කිරීමට පෙර ක්‍රෙයිග් හෝවාඩ් නවසීලන්ත කාන්තා කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත්, වික්ටෝරියා පිරිමි පළමු පෙල කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් කටයුතු කළා.

එමෙන්ම ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙසත් ඔහු කටයුතු කර තිබෙනවා.

හෝවාර්ඩ් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ තෙවැනි මට්ටමේ සුදුසුකම්ලත් පුහුණුකරුවෙකු වන අතර, ඔහු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස ද වසර 12 ක පමණ කාලයක් කටයුතු කළා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ පියල් විජේතුංග මහතායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...