රවීන්ද්‍රගේ 240 හමුවේ තරගයේ පාලනය නවසීලන්තයට

Date:

රචින් රවීන්ද්‍රගේ මංගල ද්විත්ව ශතකය හමුවේ සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(5) නිමා වුණේ තරගයේ පාලනය නවසීලන්තයට හිමි කර දෙමින්.

Mount Maunganui හි පැවැත්වෙන තරගය අද දිනයට අවසන් කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලකුණු 80 ක් ලබා සිටියා.

David Bedingham නොදැවී ලකුණු 29 ක් ලබා සිටින අතර, Edward Moore නොදැවී ලකුණු 23 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ක්යිල් ජමීසන් ලකුණු 21 කට කඩුලු දෙකක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 511 ක්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රචින් රවීන්ද්‍ර ලකුණු 240 ක් රැස් කළේ පන්දු 366 කින්. හයේ පහර 3ක් හා හතරේ පහර 26 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කේන් විලියම්සන් ලකුණු 118 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Neil Brand ලකුණු 119 කට කඩුලු හයක් බිද හෙලුවා.

ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් රැදී සිටින ලකුණු සංඛ්‍යාව 431 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...