U19 CWC : අවසන් පූර්ව වටය අදින් ඇරඹේ

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අදින් ආරම්භ වනවා.

තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තේ දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය යන රටවල්.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම හා ඉන්දීය යොවුන් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

දෙවැනි අවසන් පූර්ව තරගය එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ දී පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතරයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

ඒ, ඔවුන් සුපිරි හය වටයේ දෙවැනි කාණ්ඩයේ 5 වැනි ස්ථානය හිමි කර ගනිමින් තරගාවලිය අවසන් කිරීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...