කණ්ඩායම් හතරකගේ සහභාගීත්වයෙන් WNSL තරගාවලිය අද සිට කොළඹ දී

Date:

කාන්තා නැෂනල් සුපර් ලීග් (WNSL) ක්‍රිකට් තරගාවලියක් අද සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

එක්දින හා පන්දුවාර 20යි 20 තරගරටා ද්විත්වයෙන්ම පෙබරවාරි මාසයේ දී මෙම තරගාවලිය පවත්වා අවසන් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව එක්දින තරගාවලිය අද(6) සිට එළඹෙන 12 වැනිදා දක්වා කොළඹ ක්‍රීඩාංගන තුනකදී – කෝල්ට්ස්, පී සරා හා බී ආර් සී – පැවැත්වීමට නියමිතයි.

කොළඹ, මහනුවර, ගාල්ල හා දඹුල්ල යන කණ්ඩායම් හතර මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කරනවා.

20යි 20 තරගාවලිය කෝල්ට්ස් ක්‍රීඩාංගනයේ දී පමණක් ලබන 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

තරගාවලියේ සංචිත 4 සදහා ක්‍රීඩිකාවන් 60 දෙනෙකු ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...