ස්මිත්, කමින්ස්, ස්ටක් නවසීලන්ත සංචාරයට නම් කෙරේ

Date:

තරග තුනකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියකින් සමන්විත එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

ස්ටීවන් ස්මිත්, පැට් කමින්ස් හා මිචෙල් ස්ටක් මෙම සංචිතය සදහා ඇතුළත් කරමින් ප්‍රබල සංචිතයක් නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

කණ්ඩායමේ නායකයා ලෙස මිචෙල් මාෂ් නම් කර ඇති අතර, මෙම තරගාවලිය ජූනි මාසයේ දී පැවැත්විමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරන අවසන් 20යි 20 තරගාවලියයි.

ස්ටීවන් ස්මිත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එළඹෙන සිකුරාදා ආරම්භ වීමට නියමිත 20යි 20 තරගාවලියෙන් විවේක ගන්වා තිබූ අතර, කමින්ස් හා ස්ටක් ද එම තරගාවලියට නම් කෙරුණේ නැහැ.

කොදෙව්වන්ට එරෙහි 20යි 20 තරගාවලියට පළමුව නම් කර පසුව එම තරගාවලියෙන් විවේක ගැන් වූ  ට්‍රැවිස් හෙඩ් ද නවසීලන්තයට එරෙහි සංචිතයට නම් කර තිබෙනවා.

ආබාධයක් නිසා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ මැතිව් ශෝර්ට් නවසීලන්ත සංචාරයට එක් වීමට නියමිතයි.

ශෝර්ට් වෙනුවට කොදෙව්වන්ට එරෙහි 20යි 20 තරගාවලිය සදහා Aaron Hardie ආදේශ කර තිබෙනවා.

Australia squad for New Zealand T20I series –

Mitchell Marsh (c), Pat Cummins, Tim David, Nathan Ellis, Josh Hazlewood, Travis Head, Josh Inglis, Glenn Maxwell, Matt Short, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...