තෙවැනි ටෙස්ට් තරගයට පෙර එංගලන්ත කණ්ඩායම තාවකාලිකව ඉන්දියාව හැර යයි

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙර එංගලන්ත කණ්ඩායම යළි අබුඩාබි වෙත පිටත්ව යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊයේ (5) දිනයේ දී විසාකාපට්නම් හී දී අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ලකුණු 106 ක ජයක් වාර්තා කළ අතර, ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 15 වැනිදා රාජ්කොට් හී දී ආරම්භ වීමට නියමිතයි.

ඊට පෙර එංගලන්තය දින කිහිපයක් සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පිටත්ව යන අතර, තෙවැනි තරගය ආරම්භ වීමට දින කිහිපයකට පෙර ඔවුන් යළි ඉන්දියාවට පැමිණෙනු ඇති.

ඔවුන් ඉන්දියාවෙන් පිටත්ව යන දිනයක් හෝ යළි පැමිණෙන දිනයක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

තරග සංචාරය ආරම්භ කිරීමට පෙර ද එංගලන්ත කණ්ඩායම අබුඩාබි හී දී පුහුණු කදවුරකට එක් වූ අතර, තෙවැනි තරගයට පෙර ද එංගලන්ත ක්‍රීඩකයින් එලෙස අබුඩාබි හී දී පුහුණුවීම්වල නිරත වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...