කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා දකුණු අප්‍රිකාවේ දී කොල්ලකෑමකට ගොදුරු වෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෆේබියන් ඇලන්ගේ පෞද්ගලික භාණ්ඩ කිහිපයක් දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර දී සොරකම් කිරීමකට ලක් කර තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන SA20 තරගාවලිය අතරතුර දී යි මෙම සොරකම් කිරීම සිදු කර ඇත්තේ.

සොරකම් කළ භාණ්ඩ අතරට සුඛෝපභෝගී අත් ඔරලෝසුවක් ද ඇතුළත් බව සදහන්.

ඔහු නියෝජනය කරන කණ්ඩායම වන Paarl Royals කණ්ඩායම නිවේදනය කළේ ෆේබියන් ඇලන් තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමග ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලය වෙත ගමන් කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇති බවයි.

ජනවාරි 25 වැනිදා අලුයම් කාලයේ දී මෙම සොරකම් කිරීම සිදුව ඇති අතර, එහිදී ඔහුගේ ගමන් මල්ලක් මෙන්ම ජංගම දුරකතනය ද කොල්ලකා තිබෙනවා

කොල්ලකෑමට සම්බන්ධ වූ පිරිස ආයුධ සන්නද්ධව පැමිණ ඇති බවත්, සිද්ධියෙන් ඇලන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවත් සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...