ශෝර්ට් තෙවැනි තරගයෙන් ඉවතට – මැක්ඩමට්ට කැදවීමක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු පිතිකරු මැතිව් ශෝර්ට් හට අහිමි වී තිබෙනවා. ඒ, ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට ක්වීන්ස්ලන්ත පිතිකරුවෙකු වන බෙන් මැක්ඩමට් සංචිතයට ආදේශ කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

කොදෙව්වන්ට එරෙහිව සිඩ්නි හී දී පැවැති දෙවැනි එක්දින තරගයේ දී මැතිව්ස් ශෝර්ට් අදාළ ආබාධයට මුහුණ දුන්නා.

ඔහු එම තරගයේ දී ලකුණු 41 ක් ලබා ගැනීමට සමත් වූ නමුත්, පන්දුවට පහර දෙමින් සිටියදී මුහුණ දුන් ආබාධය නිසා පන්දු රැකීමට පැමිණීමට ද ඔහුට හැකි වූයේ නැහැ.

වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් ද තෙවැනි එක්දින තරගය සදහා වන සංචිතයට ඇතුළත් නොවන අතර, ස්පෙන්සර් ජොන්සන් සංචිතයට කැදවා තිබෙනවා.

පළමු තරගයේ දී එක්දින වරම් දිනා ගනිමින් ඉහළ දක්ෂතා දැක් වුවද, දෙවැනි තරගයෙන් විවේක ගැන් වූ Xavier Bartlett තෙවැනි තරගයේ දී යළි කණ්ඩායමට ඇතුළත් වීමට ඉඩ පවතිනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරගය හෙට (6) කැන්බරා හී දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරග දෙක ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විටත් තරගාවලිය ජය ගෙන අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...