තෙවැනි දිනයේ තණතීරුව මෙතරම් හොද වේවි කියලා හිතුවේ නැහැ – චන්දිමාල්

Date:

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ තණතීරුව මෙතරම් පිතිකරුවන්ට වාසිදායක වනු ඇතැයි අපේක්ෂා නොකළ බව ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු දිනේෂ් චන්දිමාල් පවසනවා.

තෙවැනි දිනයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

තෙවැනි දිනය නිමා වන විට ඇෆ්ඝනිස්තානය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් පමණක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 199 ක්.

ඒ අනුව ඔවුන් දෙවැනි ඉනිමේ දී මේ වන විට පිටුපසින් රැදී සිටින්නේ ලකුණු 42 ක් පමණයි.

මේ වන විට ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටින්නේ එරට හොදම පිතිකරුවන් දෙදෙනා බවත්, සිව්වැනි දිනයේ පළමු පැය තුළ දී නව පන්දුව ලබා ගනිමින් කඩුලු දෙකක් දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට මනා අවස්ථාවක් උදා වන බවත්, චන්දිමාල් කියා සිටියා.

ලකුණු 200 – 250 ක පමණ ලකුණු ප්‍රමාණයක් හඹා ගොස් තරගය ජය ගැනීමට අවස්ථාවක් පවතින බවයි චන්දිමාල් පෙන්වා දුන්නේ.

ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන් ද ශ්‍රී ලංකා පළමු ඉනිම පුරා ඉතා හොදින් පන්දු යැවූ බවයි දිනේෂ් චන්දිමාල් මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සදහන් කළේ.

ඇෆ්ඝනිස්තානයට තවත් ටෙස්ට් තරග ලැබෙන්නේ නම් ඔවුන් ඉදිරි වසර පහ තුළ ඉතාමත් හොද ටෙස්ට් කණ්ඩායමක් බවට පත් වනු ඇති බව ද ශ්‍රී ලංකා හිටපු නායකයා පවසා සිටියා.

තමා දන්නා පරිදි ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින්ට පුහුණුවීම් සිදු කිරීමට හෝ නිසි ස්ථානයක් නොමැති බවත්, ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ අනාගතය සුබ වන්නැයි තමා සුබපතන බවත්, දිනේෂ් චන්දිමාල් වැඩිදුරටත් මාධ්‍ය හමුවේ සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...