සුපිරි දග පන්දු යවන්නා නොමැතිව ශ්‍රී ලංකාවට එරෙහි ඇෆ්ඝනිස්තාන එක්දින සංචිතය නම් කෙරේ

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

හෂ්මතුල්ලාහ් ශහීඩිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පිට කොන්ද ආශ්‍රිතව සිදු කෙරුණු ශල්‍යකර්මයක් නිසා පසුගිය මාස කිහිපයේ දී ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් තවමත් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව නොමැති බැවින් මෙම තරගාවලිය සදහා ද නම් කර නැහැ.

ඒ අනුව ඔහුගේ ස්ථානය වෙනුවෙන් මෙතෙක් එක් එක්දින ජාත්‍යන්තර තරගයක් පමණක් ක්‍රීඩා කර ඇති කායිස් අහ්මඩ් සංචිතයට නම් කර තිබෙනවා.

SA20 තරගාවලියේ දී Durban’s Super Giants කණ්ඩායම නියෝජනය කරන නූර් අහ්මඩ් ද එක්දින සංචිතයට නම් කර ඇති බැවින් ඔහුට SA20 තරගාවලියේ අවසන් අදියරේ තරග අහිමි වනු ඇති.

නජිබුල්ලාහ් සඩ්‍රාන් එක්දින සංචිතයට නම් කර නොමැති අතර, මේ දිනවල ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් හිමි කර ගත් වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සලීම් පාදයක ආබාධයක් නිසා එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ගුල්බදීන් නයිබ් හා ෆරීඩ් අහ්මඩ් යළි එක්දින සංචිතය සදහා කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් වේග පන්දු යවන ක්‍රීඩක නවීඩ් සඩ්‍රාන් ද එක්දින සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින තරගාවලිය පෙබරවාරි 9 වැනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

අනතුරුව දෙරට අතර 20යි 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Afghanistan squad 

Hashmatullah Shahidi (c), Rahmat Shah (vc), Rahmanullah Gurbaz (wk), Ikram Alikhil (wk), Ibrahim Zadran, Riaz Hassan, Azmatullah Omarzai, Mohammad Nabi, Gulbadin Naib, Qais Ahmad, Noor Ahmad, Mujeeb Ur Rahman, Fazalhaq Farooqi, Naveed Zadran, Farid Ahmad

Reserves: Sharafuddin Ashraf, Shahidullah, Abdul Rahman, Bilal Sami

Schedule 

  • 9th February, 2024 – 1st ODI – PICS, Kandy
  • 11th February, 2024 – 2nd ODI – PICS, Kandy
  • 14th February, 2024 – 3rd ODI – PICS, Kandy

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...