ටෙස්ට් තරගයේ දී අනතුරකට මුහුණ දුන් චාමික රෝහල්ගත කෙරේ

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද(4) දිනයේ දී කම්පන තත්ත්වයකට මුහුණ දුන් චාමික ගුණසේකර මේ වන විට රෝහල්ගතව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහු පැය 24 ක කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අද දිනයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටින අතරවාරයේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදීම හේතුවෙනුයි මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ චාමික මෙලෙස කම්පන තත්ත්වයකට මුහුණ දුන්නේ.

පන්දු 27 කින් ලකුණු 16 ක් ලබා සිටි චාමික ගුණසේකර මෙම කම්පන තත්ත්වය නිසා පිටියෙන් ඉවත් වීමට කටයුතු කළා.

අනතුරුව ඔහු වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායම සදහා ආදේශ කිරීමට පියවර ගැණුනා.

චාමික ගුණසේකර ඇෆ්ඝනිස්තාන පළමු ඉනිමේ දී පන්දුවාර 9ක් යොමු කළ නමුත්, ඔහුට ලකුණු 50 ක් ලබා දී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

ඔහු 2022 වසරේ ජනවාරි මාසයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් තරගයේ දී ද ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට යොමු කිරීමට හැකි වූයේ එක් පන්දුවාරයක් පමණයි.

අනතුරුව ඔහුට යළි ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වූයේ මෙම ටෙස්ට් තරගයේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...