Watch : සිව්වැනි දිනයේ පළමු සැසියේ දී ශ්‍රී ලංකාව කඩුලු හයක් දවා ගනිමින් යළි සටනට අවතීර්ණ වෙයි

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.(5)

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඇෆ්ඝනිස්තානය කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 251 ක්.

දිනය ආරම්භ කරන විට ඇෆ්ඝනිස්තානය කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන්ගේ කඩුලු 6ක් අද පෙරවරු සැසියේ දී ලකුණු 52 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම කැපී පෙනුණා.

මේ වන විට ඇෆ්ඝනිස්තානය දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන්නේ ලකුණු 10 ක් පමණයි.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස රහ්මට් ශාහ් ලකුණු 54 කට දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණේ දෙවැනි නව පන්දුව ලබා ගැනීමෙන් අනතුරුව යොමු කෙරුණු දෙවැනි පන්දුවාරයේ දී යි.

සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 114 කට දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා. ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් වුණා.

නායක හෂ්මතුල්ලාහ් ශහීඩි ලබා ගත්තේ ලකුණු 18 ක් පමණයි. ඉක්‍රම් අලිකිල් හා කායිස් අහ්මඩ් එක් ලකුණ බැගින් ලබා සිටියදී දැවී ගිය අතර, සියා උර් රහ්මාන් ලකුණු නොලබා දැවී ගියා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 83 කට කඩුලු 4 ක් හා අසිත ප්‍රනාන්දු ලකුණු 51 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

අද දිනයේ පළමු සැසියේ දී දැවී ගිය කඩුලු 6 පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...