ඇබෝට්ගේ තුන් ඉරියව් දක්ෂතා ඔස්ට්‍රේලියාවට තරගාවලි ජය තහවුරු කරයි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 83 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම (2-0) ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(4) සමත් වුණා.

සිඩ්නි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 258 ක් රැස් කළා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ශෝන් ඇබෝට්. ඔහු ලකුණු 69 ක් ලබා ගත්තේ පන්දු 63 කින්. හයේ පහර 4ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී Gudakesh Motie ලකුණු 28 කට කඩුලු තුනක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 43.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 175 ක් පමණයි.

කේසි කාර්ති ලකුණු 40 ක් රැස් කළ අතර, නායක ෂේයි හෝප් ලකුණු 29 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් හා ශෝන් ඇබෝට් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...