විලියම්සන්ගේ හා රචින්ගේ ශතක හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව නවසීලන්තයට

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(4) Mount Maunganui හී දී ආරම්භ වුණා.

පළමු දිනය නිමා වන විට කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු දෙකක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 258 ක්.

ආරම්භක පිතිකරුවන් වූ ඩෙවෝන් කොන්වේ එක් ලකුණකටත්, ටොම් ලේතම් ලකුණු 20කටත් දැවී ගියා.

කෙසේ වෙතත්, අනතුරුව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 219 (419) ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගීමට කේන් විලියම්සන් හා රචින් රවීන්ද්‍ර සමත්ව සිටිනවා.

සිය 30 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ විලියම්සන් නොදැවී ලකුණු 112 ක් හා සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කළ රවීන්ද්‍ර නොදැවී ලකුණු 118 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී Tshepo Moreki හා Dane Paterson කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...