Watch : ඉනි දෙකක් සුනුවිසුණු කළ බුම්රාගේ සුපිරි යෝකර් පන්දුව

Date:

විශිෂ්ඨ යෝකර් පන්දුවක් යොමු කරමින් එංගලන්ත පිතිකරු ඔලී පෝප්ගේ කඩුල්ල දවා ගැනීමට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා අද(3) සමත් වුණා.

එංගලන්ත කණ්ඩායම සමග විසාකාපට්නම් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යි ඔහු මෙම සුපිරි යෝකර් පන්දුව යොමු කළේ.

එංගලන්ත පළමු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස පෝප් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 23 ක්. (දර්ශන පහතින්)

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 396 ක් ලබා ගත්තා.

ඉන්දීය ඉනිමේ නැංගුරම බවට පත් වූ ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් ලකුණු 209 ක් රැස් කළේ පන්දු 290 කින්. හයේ පහර 7ක් හා හතරේ පහර 19 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ශොයිබ් බෂීර්, රෙහාන් අහ්මඩ් හා ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...