Watch : නායකත්වයේ පළමු ඉනිමේ දී ම ධනංජය පළමු පන්දුවෙන්ම දුවද්දී දැවී ගිය හැටි

Date:

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් පසුව තමන් ක්‍රීඩා කළ පළමු ඉනිමේ පළමු පන්දුවෙන්ම දුවද්දී දැවී යාමකට හසු වීමට ධනංජය ද සිල්වාට අද(3) සිදු වුණා.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ඇෆ්ඝනිස්තානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසයි ඔහු එලෙස අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ.

හෂ්මතුල්ලාහ් ශහීඩි mid-off කලාපයේ සිට විශිෂ්ඨ ලෙස පන්දුව රැක ගනිමින් කෙළින්ම කඩුල්ල වෙත පන්දුව විසි කරමින් මෙම කඩුල්ල දවා ගැනීමට සමත් වුණා. (දර්ශන පහතින්)

ධනංජය ලකුණු නොලබා දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 380 ක් ලෙසයි.

තරගයේ දෙවැනි දිනය අද වන අතර, අද දිනයේ දී ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරමින් ඇන්ජෙලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් ශතක වාර්තා කිරීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 232 (381) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 198 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...