Watch : ටෙස්ට් තරගයට කඩා වැදුණු තලගොයා

Date:

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

අද දිනයේ දී ක්‍රීඩාංගනයට තුළට තලගොයෙකු පැමිණීම නිසා තරගයට යම් බාධා වීමක් සිදු වීම කැපී පෙනුණා.

ශ්‍රී ලංකා ඉනිමේ 48 වැනි පන්දුවාරයේ දී යි එම තලගොයා ක්‍රීඩාංගනයට කඩා වැදුණේ. (දර්ශන පහතින්)

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 80 ක් ලබා සිටියා.

දිනයේ පළමු කඩුල්ල ලෙස නිශාන් මදුෂංක ලකුණු 37 කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 10 ක් පමණයි. දිමුත් කරුණාරත්න ලකුණු 77 ක් ලබා සිටියදී දැවී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 198 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...