ඇෆ්ඝනිස්තාන පළමු ඉනිම ලකුණු 198 කට සීමා වෙයි

Date:

සංචාරක ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය අද(2) කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ඝනිස්ථානය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 198 ක්.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රහ්මට් ශාහ්. ඔහු ලකුණු 91 ක් රැස් කළේ හතරේ පහර 13 ක් ද සමගින්.

නූර් අලී සඩ්‍රාන් ලකුණු 31 ක් රැස් කළ අතර, ඉක්‍රම් අලිකිල් හා කායිස් අහ්මඩ් ලකුණු 21 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 51 කට කඩුලු 4ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු ලකුණු 24 කට කඩුලු 3ක් දවා ගත්තා. ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 67 ක් ලබා දෙමින්.

ඇෆ්ඝනිස්ථාන පිලේ අවසන් කඩුලු පහ ලකුණු 29 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම ද කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...