Watch : රහ්මට්ට ශතකය අහිමි කළ සධීරගේ සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

අද(2) ආරම්භ වූ ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම සමත් වුණා.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඇෆ්ඝනිස්තාන පිලේ අංක 3 පිතිකරු රහ්මට් ශාහ් දවා ගැනීම සදහායි ඔහු එම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

දැවී යන විට රහ්මට් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 91 ක්. ඒ අනුව ඔහුට ලකුණු 9කින් සිය දෙවැනි ටෙස්ට් ශතකය අද අහිමි වී ගියා.

ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේයි රහ්මට් ශාහ් දැවී ගියේ. ඒ වන විට ඇෆ්ඝනිස්තාන ලකුණු පුවරුව සටහන්ව තිබුණේ කඩුලු 5කට ලකුණු 155 ක් ලෙසයි.

තේ පානය සදහා තරගය නතර කරන විට ඇෆ්ඝනිස්තානය කඩුලු පහක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 168 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...