ජයිස්වාල්ගේ 179* හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව ඉන්දියාවට

Date:

යශස්වි ජයිස්වාල්ගේ නොදැවුණු විශිෂ්ඨ ශතකය හමුවේ අද(2) විසාකාපට්නම් හී දී ආරම්භ වු සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, පළමු දිනය නිමා වන විට ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හයක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 336 ක්.

ආරම්භක පිතිකරු ජයිස්වාල් නොදැවී ලකුණු 179 ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ පන්දු 257 කට මුහුණ දෙමින්. හයේ පහර 5ක් හා හතරේ පහර 17 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කර තිබෙනවා. මෙය ඔහුගේ දෙවැනි ටෙස්ට් ශතකයයි.

රෝහිත් ෂර්මා ලබා ගත්තේ ලකුණූ 14 ක් පමණයි. ෂුබ්මන් ගිල් ලකුණු 34 කට දැවී ගිය අතර, ෂ්රෙයස් අයියර් ලකුණු 27යි.

මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ රාජත් පටිදර් ලකුණු 32 ක් රැස් කළා. අක්සාර් පටෙල් ලකුණු 27 කට දැවී ගිය අතර, ශ්‍රිකර් භාරත් ලකුණු 17 කට දැවී ගියා. රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී ලකුණු පහයි.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ශොයිබ් බෂීර් ලකුණු 100 කට කඩුලු දෙකක් දවා ගෙන සිටින අතර, රෙහාන් අහ්මඩ් කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 61 ක් ලබා දෙමින්.

ජේම්ස් ඇන්ඩර්සන් හා ටොම් හාර්ට්ලි කඩුල්ල බැගින් බිද හෙලා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...