හෙට තරගයට ඉසුරු වෙනුවට මොරිස් හෝ ස්ටේන් ද? තරග ආරම්භක වේලාවේත් වෙනසක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලාංකිකයින්ගේ අවදානය දිනා ගත් තවත් වැදගත් තරගයක් හෙට(3) පැවැත්වෙනවා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට අබුඩාබි හී දී ආරම්භ වනු ඇති.

මෙවර තරගාවලියේ දී දිනකදී තරග දෙකක් පැවැත්වෙන පළමු දිනය ද හෙට වීම විශේෂත්වයක්.

මෙම තරගයේ දී බොහෝ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ අවදානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකා සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන පිළිබදවයි.

බැංගලෝර් කණ්ඩායම පසුගිය දා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ තරගයේ දී ලකුණු 45කට කඩුලු 2ක් දවා ගැනීමට ඉසුරු උදාන සමත් වුවද ඔහු ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයට ලකුණු 18ක් වාර්තා කිරීමට ප්‍රතිවාදීන් සමත් වීම හේතුවෙන් තරගය සුපිරි පන්දුවාරයක් දක්වා ඇදී ගියා.

කෙසේ වෙතත්, එහිදී තරගයේ ජය තහවුරු කර ගැනීමට බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව හෙට තරගයේ දී ඉසුරු උදානට අවස්ථාවක් හිමි වනු ඇත්ද යන්න මේ වන විට බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක්.

විදෙස් වාර්තාවලට අනුව හෙට තරගය සදහා ද ආබාධයකට ලක්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස්ට ක්‍රීඩා කිරීම සදහා ඇත්තේ අවම අවස්ථාවක්.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පුහුණුකරු සයිමන් කැටිච් සහ ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ මයික් හෙසන් සදහන් කළේ ඔහු මේ වන විට ක්‍රමයෙන් යථාතත්ත්වයට පත් වෙමින් සිටින බවයි.

ක්‍රිස් මොරිස් මේ වන විට පුහුණුවීම් ආරම්භ කර ඇතත්, තරගයක් ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරිරික යෝග්‍යතාවයකින් පසුවන්නේ ද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.

ඒ අනුව හෙට තරගය  සදහා බොහෝ විට ඉසුරු උදානටම ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති.

වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ද ඉසුරු උදානගේ ස්ථානය වෙනුවෙන් තරග කරන තවත් ක්‍රීඩකයෙක්.

කෙසේ වෙතත්, පළමු තරග කිහිපයේ දී ඔහු අසාර්ථක වීම හේතුවෙන් සහ පෙර තරගයේ දී කඩුලු 2ක් දවා ගත් ඉසුරු උදානට තවත් අවස්ථාවන් ලබා දීමට අවශ්‍ය යැයි කණ්ඩායම් කළමණාකාරීත්වය අපේක්ෂා කිරීමට ඉඩ ඇති බැවින් හෙට තරගය සදහා ඉසුරුට ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් හිමිවනු ඇති.

මෙම තරගයට ක්‍රීඩා කළ හැකි බවට ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය අනාවැකි පල කර ඇති බැංගලෝර් කණ්ඩායම පහතින් –

D Padikkal, A Finch, V Kohli (c), de Villiers, Gurkeerat / Parthiv , S Dube, C Morris / I Udana, W Sundar, N Saini, Y Chahal, A Zampa

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...