වැඩිම ලකුණු ලාභියා නිපුන් – කඩුලු ලාභීන් අතර පෙරමුණ අම්ෂිට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර ඇති අවුරුදු 23න් පහළ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(1) පැවැති තරගයකදී ටැමිල් යූනියන් කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු ශතකයක් (107) ලබා ගැනීමට සමත් වුණා.

ඒ, කැන්ඩි කස්ටම් කණ්ඩායමට එරෙහිවයි.

ඔහු මේ වන වන විට මෙම තරගාවලියේ දී තරග 5කට ක්‍රීඩා කර රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 253ක්.

එමෙන්ම ටැමිල් යූනියන් කණ්ඩායමේ කණිෂ්ක හසිත ලකුණු 12කට කඩුලු පහක්ද ඊයේ පැවැති අදාළ තරගයේ දී දවා ගැනීමට සමත් වුණා.

මේ අතර, පන්දු යවන්නන් අතරින් ඊයේ දිනයේ පැවැති තවත් තරගයකදී දක්ෂතා දැක් වීමට රාගම කණ්ඩායමේ ශෂික දිල්ෂාන් සමත් වුණා.

හලාවත මේරියන්ස් සමග පැවැති තරගයේ දී ඔහු ලකුණු 18කට කඩුලු පහක් බිද හෙලුවා.

ඊයේ පැවැති තරගවලින් ජය වාර්තා කළේ රාගම, ටැමිල් යූනියන්, බදුරලිය, ගුවන් හමුදාව, නුගේගොඩ, කෝල්ට්ස්, එස්.එස්.සී, කලුතර මුවර්ස් සහ සෙබස්ටියනයිට්ස් යන කණ්ඩායම්.

පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් තරග කිහිපයකට බලපෑම් එල්ල වූ අතර ඒ අනුව මීගමුව – ලන්කන් සහ බ්ලූම්ෆීල්ඩ් – කුරුණෑගල යූත් යන තරග දෙකම පැවැත්වීමට හැකි වූයේ නැහැ.

මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වී ඇත්තේ තරග 5කදී ලකුණු 276ක් වාර්තා කර ඇති එස්.සී.සී කණ්ඩායමේ නිපුන් ධනංජයයයි.

තරග 5කදී කඩුලු 13ක් බිද හෙලා ඇති සී.සී.සී කණ්ඩායමේ අම්ෂි ද සිල්වා වැඩිම කඩුලු ලාභියා වනවා.

තරගාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන සහ පිතිකරුවන් සහ පන්දු යවන්නන් දක්වා ඇති දක්ෂතා පහතින් –

SLC
SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...