නැති වූ වෛද්‍ය වාර්තා නිසා මාෂ් යළි වෛද්‍ය පරීක්ෂණයකට – ශල්‍යකර්මයක් ගැනත් අවදානය

Date:

ඔස්ට්‍රේලියානු සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ට යළි ක්‍රීඩා පිටියට පිවිසිය හැකි දින පිළිබද තීරණය කළ හැකි වන්නේ ඔහුගේ නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව බව බටහිර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සංගමය පවසනවා.

මේ වන විට ඔහු පර්ත් නුවර නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර, ලබන 10 වැනිදා ඔහුගේ නිරෝධායන කාලය අවසන් වනු ඇති.

අනතුරුව ඔහු තවත් වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීමට නියමිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කළ ඔහු තරගාවලිය යටතේ ක්‍රීඩා කළ පළමු තරගයේ දී යි දකුණු වළලුකර ආබාධයකට ගොදුරු වුණේ.

අනතුරුව එරට දී සිදු කළ වෛද්‍ය පරීක්ෂණ වාර්තා ද අස්ථාන ගත වූ බැවින් එම වෛද්‍ය වාර්තා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව මේ වන විටත් ඔහු ඔස්ට්‍රේලියාවේ දී යළි වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර, එහිදී ඔහුගේ ආබාධය තරමක් බරපතල බව අණාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඊට ශල්‍යකර්මයක් සිදු කළ යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය ද ඉදිරියේ දී සිදු කරන වෛද්‍ය පරීක්ෂණවලින් පසුව තීරණය කරනු ඇති.

එරට Sheffield Shield තරගාවලියේ පළමු තරග වට 4 සදහා නම් කෙරුණු බටහිර ඔස්ට්‍රේලියානු සංචිතයට ද මිචෙල් මාෂ් නම් කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...