නවතම ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ – ශ්‍රී ලංකාව ස්ථානයකින් පහතට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි වාර්ෂිකව යාවත්කාලීන කරන ලද එක්දින සහ 20යි 20 ශ්‍රේණිගත කිරීම් අද(2) ප්‍රකාශයට පත් කළා.

ඊට අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි එක්දින ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයකින් පසුබැස තිබෙනවා.

ඒ අනුව 8 වන ස්ථානයේ රැදී සිටි ඔවුන්ට හිමිව ඇත්තේ 9 වන ස්ථානයයි.

ශ්‍රී ලංකාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 47ක්.

මෙතෙක් 9 වන ස්ථානයේ සිටි බංග්ලාදේශයට හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි.

එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ඔස්ට්‍රේලියාවට තවදුරටත් හිමිව තිබෙනවා.

එහි 5 වන ස්ථානයේ රැදී සිටි දකුණු අප්‍රිකාව 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, 4 වන ස්ථානයේ රැදී සිටි නවසීලන්තය 5 වන ස්ථානය දක්වා පසුබැස ඇති බව සදහන්.

මේ අතර, යාවත්කාලීන කළ නවතම 20යි 20 ශ්‍රේණිගත කිරීම්ද අද ප්‍රකාශයට පත් කෙරුණා.

ඊට අනුව ශ්‍රී ලංකාවට තවදුරටත් එහි 8 වන ස්ථානයම හිමිව තිබෙනවා.

ඕට්‍රේලියාව එහි තවදුරටත් පෙරමුණේ පසුවන අතර, සිව්වන ස්ථානයේ පසු වූ ඉන්දියාව 3 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ මෙතෙක් තෙවැනි ස්ථානයේ රැදී සිටි නවසීලන්තය සිව්වන ස්ථානයට පත් කරමින්.

නවතම ශ්‍රේණිගත කිරීම් –

ICC
ICC

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...