IPL 2020 : M 14 – රයිදු අද තරගයට – බ්‍රාවෝට අදත් ස්ථානය අහිමි වීමේ අවධානමක් – Preview

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද(2) පැවැත්වෙනවා.

ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි හී දී ආරම්භ වනු ඇති.

ආබාධයන්ට ලක්ව සිටි චෙන්නායි කණ්ඩායමේ ඩ්වේයන් බ්‍රාවෝ සහ අම්බටි රයිදු මේ වන විට සුවය ලබා ඇති බැවින් අද තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුන්ට පවතිනවා.

ඒ අනුව අම්බටි රයිදුගේ පැමිණීමත් සමග මුරලි විජේට හෝ රුටුරාජ් ගයික්වඩ්ට කණ්ඩායමේ සිය ස්ථානය අද අහිමි වනු ඇති.

කෙසේ වෙතත්, ඩ්වේයන් බ්‍රාවෝ වෙනුවට කණ්ඩායමට ඇතුළත් වූ සෑම් කරන් මේ වන විට හොදින් දක්ෂතා දක්වා ඇති බැවින් අද තරගයේ දී ද ඩ්වේයන් බ්‍රාවෝට ඇතැම් විට සිය ස්ථානය අහිමි වීමේ අවධානමක් පවතිනවා.

මේ වන විට චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණූ සටහනේ අවසන් ස්ථානයේ පසුවන්නේ සහභාගී වූ තරග 3න් එක් තරගයක් පමණක් ජය ගනිමින්.

හයිදරාබාද් කණ්ඩායම ද මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග 3න් ජය ගත්තේ එක් තරගයක් පමණයි.

ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...