දෝනි යොවුන් පන්දු යවන්නා හමුවේ පරදියි – චෙන්නායට පිට පිට 3 වැනි පරාජය – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ඩුබායිහි පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා.

19 හැවිරිදි ප්‍රියාම් ගර්ග් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තේ සිය මංගල අයි.පී.එල් අර්ධ ශතකය වාර්තා කරමින්.

පන්දු 26කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුළත්.

අභිෂෙක් ෂර්මා ලකුණු 31යි.

ලකුණු 69ට කඩුලු 4ක් දැවී ගොස් තිබූ අවස්ථාවක ඔවුන් දෙදෙනා අතර පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 77ක්.

පන්දු යැවීමේ දී දීපක් චහාර් ලකුණු 31කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 50ක් සහ මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 47ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ටී නටරාජන් ලකුණු 43කට කඩුලු 2ක් බිද හෙලුවා.

බුවනේෂ්වර් කුමාර් 19 වැනි පන්දුවාරය යවමින් සිටියදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට යැවිය හැකි වූයේ පන්දුවාර 3.1ක් පමණයි.

එහිදී ඔහු ලබා දී තිබුණේ ලකුණු 20ක් පමණක් වන අතර, ශේන් වොට්සන්ගේ කඩුල්ල දවා ගැනීමට ද බුවනේෂ්වර් කුමාර් සමත් වුණා.

ඔහුගේ ආබාධය හේතුවෙන් 19 වන පන්දුවාරය සම්පූර්ණ කිරීමට 20 වන පන්දුවාරය යැවීමට සූදානමින් සිටි කලීල් අහ්මඩ්ට සිදු වුණා.

ඒ අනුව අවසන් පන්දුවාරය යැවීමේ වගකීම 18 හැවිරිදි දග පන්දු යවන ක්‍රීඩක අබ්දුල් සමාද්ටයි පැවරුණේ.

අවසන් පන්දුවාරයේ දී චෙන්නායි කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලබා ගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 28ක් වන අතර, පිතිකරණයේ නිරත වෙමින් සිටියේ එම්.එස් දෝනි සහ සෑම් කරන්.

අවසන් පන්දුවාරයේ පළමු පන්දුව වයිඩ් පන්දුවක් වූ අතර, කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටව්ට එය රැක ගැනීමට නොහැකි වීමෙන් පන්දුව හතරේ සීමාව කරා ඇදී ගියා.

ඒ අනුව අවසන් පන්දුවාරය සදහා ලබා ගත යුතු වූ ලකුණු සංඛ්‍යාව 23ක් දක්වා අඩු වූ නමුත්, යොවුන් ක්‍රීඩක අබ්දුල් සමාද් තමාට පැවරුණු වගකීම නිසි අයුරින් ඉටු කරමින් තරගයේ ජය හයිදරාබාද් කණ්ඩායමට හිමි කර දුන්නා.

මෙය චෙන්නායි කණ්ඩායම මෙවර තරගාවලියේ දී අඛණ්ඩව ලැබූ තෙවැනි පරාජය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...