රාහුල්ගේ තීරණය ටෙන්ඩුල්කාර්ගේ විවේචනයට

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම අතර පසුගියදා පැවති අයි.පී.එල් තරගය අවසන් වුණේ මුම්බායි කණ්ඩායමට ලකුණු 48 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

අබුඩාබී ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4 ක් බිඳ වැටී ලකුණු 191 ක් ලබා ගනිමින්.

ඉනිමේ අවසන් පන්දුවාරවල පිතිකරණයේ නිරත වූ හර්ඩික් පාන්ඩ්යා හා කිරන් පොලාඩ් අවසන් පන්දුවාර පහ තුළ ලකුණු 89 ක් රැස්කිරීමට සමත්වීම කාගෙත් අවදානයට ලක්ව තිබුණා.

එමෙන්ම පන්ජාබ් කණ්ඩායමේ නායක ලෝකේශ් රාහුල් විසින් හර්ඩික් හා පොලාර්ඩ් වැනි ප්‍රවේගකාරී පිතිකරුවන් දෙදෙනෙකු පන්දුවට පහර දෙමින් සිටින අවස්ථාවක ඉනිමේ අවසන් පන්දුවාරය යොමු කිරීමට පිට දඟ පන්දු යවන්නෙකු යොදා ගැනීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ද ලක්වුණා.

එම පන්දුවාරයේ දී හයේ පහරවල් හතරක් සමගින් කිරන් පොලාර්ඩ් හා හර්ඩික් පාන්ඩ්යා ලබාගත් ලකුණු සංඛ්‍යාව 25 ක්.

මේ පිළිබඳ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් අදහස් පල කර තිබුණා.

අවසන් පන්දුවාරය පිට දග පන්දු යවන්නෙකුට ලබා දීම කිසිසේත් අනුමත කළ නොහැකි බවටයි එම සටහනෙන් ඔහු අදහස් කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...