U19 CWC : නේපාලය හමුවේ ඇෆ්ඝනිස්තානය පරදියි – එංගලන්තයට එරෙහිව කොදෙව්වන්ට ජය

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(26) පැවැති තරග තුනෙන් ජය වාර්තා කිරීමට බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් හා නේපාලය සමත් වුණා.

ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය හා ඇෆ්ඝනිස්තානයයි.

  • ඇමෙරිකා-බංග්ලාදේශ තරගය

තරගාවලියේ 17 වැනි තරගය ලෙස ඇමෙරිකා-බංග්ලාදේශ තරගය පැවැත්වුණේ Bloemfontein හී දී යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 291 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඇමෙරිකාවට පන්දුවාර පන්දුවාර 47.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170 ක් පමණයි.

බංග්ලාදේශය වෙනුවෙන් Ariful Islam ලකුණු 103 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් Mahfuzur Rahman Rabby ලකුණු 31 කට කඩුලු 4ක් දවා ගත්තා.

ඒ අනුව මෙම තරගයෙන් බංග්ලාදේශය ජය වාර්තා කළේ ලකුණු 121 කින්.

  • කොදෙව්-එංගලන්ත තරගය

තරගාවලියේ 18 වැනි තරගය පැවැත්වුණේ Potchefstroom හී දී යි. එහිදී එංගලන්ත යොවුන් පිල හා කොදෙව් යොවුන් පිල තරග වැදුණා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 46.3 කදී සියලු දෙනා දැවී ලකුණු 192 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 41 කදී කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව මෙම තරගයෙන් කොදෙව්වන් ජය ගත්තේ කඩුලු දෙකකින්.

පන්දු යැවීමේදී කොදෙව්වන් වෙනුවෙන් Nathan Edward ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගනිද්දී, පිතිකරණයෙන් නායක Stephan Pascal ලකුණු 58 ක් රැස් කළා.

  • නේපාල-ඇෆ්ඝනිස්තාන තරගය

East London හි පැවැති තරගාවලියේ 19 වැනි තරගයෙන් නේපාලය එක් කඩුල්ලක තියුණු ජයක් හිමි කර ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායම පන්දුවාර 40.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 145 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලය ඉනිම නිමා වීමට පන්දු 32 ක් ඉතිරිව තිබියදී කඩුලු 9ක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

නේපාලය වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ Aakash Chand ලකුණු 34 කට කඩුලු 5ක් දවා ගත්තා. පිතිකරණයේ දී නායක Dev Khanal ලකුණු 58 ක් රැස් කරමින් නේපාලන හඹා යාම ශක්තිමත් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...