ඔස්ට්‍රේලියාව ජයග්‍රහනයට ලකුණු 156 ක් පිටුපසින්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(27) නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිමේ දී ජයග්‍රහනය සදහා ලකුණු 216 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 60 ක්. ඒ අනුව තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාව තවත් ලකුණු 156 ක් ලබා ගත යුතුයි.

තරගය අද දිනයට ආරම්භ කරන විට කොදෙව්වන් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 13 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 193 ක්.

Kirk McKenzie ලකුණු 41 ක්, Alick Athanaze ලකුණු 35 ක් හා Justin Greaves ලකුණු 33 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් හා නේදන් ලයන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

අද දිනය නිමා වන විට ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ස්ටීවන් සමිත් ලකුණු 33 ක් හා කැමරන් ග්‍රීන් ලකුණු 9ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

උස්මාන් කවාජා ලකුණු 10 කටත්, මර්නස් ලබුෂේන් ලකුණු 5කටත් දැවී ගියා.

බ්‍රිස්බේන් හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 311 ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 79 ක් රැස් කළ ජොෂුවා ද සිල්වායි. Kavem Hodge ලකුණු 71 යි.
පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් ලකුණු 82 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඩ් හා නේදන් ලයන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 289 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ. 5 වැනි කඩුල්ල ලකුණු 54 දී බිද වැටුණු පසුබිමක 6 වැනි කඩුල්ල සදහා ලකුණු 96 (99) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට උස්මාන් කවාජා හා ඇලෙක්ස් කෙරී සමත් වුණා. කවාජා ලකුණු 75 ක් හා කෙරී ලකුණු 65 ක් ලබා සිටියදී දැවී ගියා. නායක පැට් කමිනස් නොදැවී ලකුණු 64 යි. පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් කඩුලු 4 ක් ද, කෙමා රෝච් කඩුලු 3ක් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...