ඉන්දියාව ලකුණු 175 ක් ඉදිරියෙන්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද(26) හයිදරාබාද් හී දී නිමා වුණේ තරගයේ පාලනය ඉන්දියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 421 ක්.

ඒ, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු 246 ට පිළිතුරු වශයෙන්.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී ලකුණු 175 ක් ඉදිරියෙන් පසුවනවා.

රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 81 ක් හා අක්සාර් පටෙල් නොදැවී ලකුණු 35 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

අද දිනයට තරගය ආරම්භ කරන විට ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 119 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස යශස්වි ජයිස්වාල් ලකුණු 80කට දැවී ගියා.

ෂුබ්මන් ගිල් ලකුණු 23 කට දැවී ගිය අතර, කේ.එල් රාහුල් ලකුණු 86 ක් ලබා ගනිමින් මැද පෙල ශක්තිමත් කළා. ෂ්රෙයස් අයියර් ලකුණු 35 යි. එස් භාරත් ලකුණූ 41 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ටොම් හාර්ට්ලි හා ජෝ රූට් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ නායක බෙන් ස්ටොක්ස්. ඔහු පන්දු 88 කින් ලකුණු 70 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමගින්. ජොනී බෙයාර්ස්ටව් ලකුණු 37 ක්, බෙන් ඩකට් ලකුණු 35 ක් හා ජෝ රූට් ලකුණු 29 ක් රැස් කළා. පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3 බැගින් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා හා අක්සාර් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...