54 ට කඩුලු 5ක් දැවී ගිය ඔස්ට්‍රේලියාව කවාජා, කෙරී හා කමින්ස් ගලවා ගනියි – කොදෙව්වන් 35 ක් ඉදිරියෙන්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(26) නිමා වුණේ තරගයේ පාලනය කණ්ඩායම් දෙකටම සමව හිමි කරමින්.

දිනය නිමා වන විට කොදෙව්වන් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 13 ක් ලබා සිටියා.

ඒ, ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 289 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීමට අද තීරණය කළ පසුබිමකයි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 311 ක් රැස් කිරීමට පිළිතුරු වශයෙනුයි ඔස්ට්‍රේලියාව එම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ.

මේ වන විට කොදෙව්වන් දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 35 ක්.

බ්‍රිස්බේන් හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට කොදෙව්වන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 266 ක් ලබා සිටියා. ලකුණු 311 කට ඔවුන්ගේ සියලු දෙනා දැවී යද්දී ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 79 ක් රැස් කළ ජොෂුවා ද සිල්වායි. Kavem Hodge ලකුණු 71 යි.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් ලකුණු 82 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඩ් හා නේදන් ලයන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවේ පළමු කඩුලු 4 ලකුණු 24 ක් තුළ බිද වැටුණා. 5 වැනි කඩුල්ල ලකුණු 54 දී බිද වැටුණු පසුබිමක 6 වැනි කඩුල්ල සදහා ලකුණු 96 (99) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට උස්මාන් කවාජා හා ඇලෙක්ස් කෙරී සමත් වුණා.

කවාජා ලකුණු 75 ක් හා කෙරී ලකුණු 65 ක් ලබා සිටියදී දැවී ගියා. නායක පැට් කමිනස් නොදැවී ලකුණු 64 ක් ලබා ගනිමින් පසුපෙල ශක්තිමත් කළා. කමින්ස් හා කවාජා අතර 8 වැනි කඩුල්ලට ලකුණු 81 (107) ක සම්බන්ධතාවයක් ද ගොඩ නැගුණා.

කමින්ස් හා නේදන් ලයන් 9 වැනි කඩුල්ල සදහා වේගවත් ලකුණු 47 (33) ක සම්බන්ධතාවයක් ද ගොඩ නැගීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් කඩුලු 4 ක් ද, කෙමා රෝච් කඩුලු 3ක් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...