U19 CWC : ඉන්දියාවට හා ඔස්ට්‍රේලියාවට ජය

Date:

මෙවර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 15 වැනි හා 16 වැනි තරගවලින් ජය ගැනීමට ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඔවුන් හමුවේ පරාජයට පත් වුණේ පිළිවෙලින් අයර්ලන්තය හා සිම්බාබ්වේ යන කණ්ඩායම්.

Bloemfontein හි පැවැති ඉන්දු-අයර්ලන්ත තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 301 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 අවසන් කළා.

Musheer Khan ලකුණු 118 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Oliver Riley ලකුණු 55 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත යොවුන් පිලට පන්දුවාර 29.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 100 ක් පමණයි.

Daniel Forkin නොදැවී ලකුණු 27 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Naman Tiwari ලකුණු 53 කට කඩුලු 4 ක් දවා ගත්තා.

මේ අතර, Kimberley හි පැවැති ඔස්ට්‍රේලියා-සිම්බාබ්වේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 296 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 23.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 71 ක් පමණයි.

ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් Harry Dixon ලකුණු 89 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Harkirat Bajwa ලකුණු 15 කට කඩුලු 4ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...