සිම්බාබ්වේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට මාස 4 කට ක්‍රිකට් තහනම්

Date:

සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩකයින් වන Wessly Madhevere හා Brandon Mavuta ට මාස හතරක කාලයක් සදහා ක්‍රිකට් තහනමක් පැනවීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔවුන් තහනම් මත්ද්‍රව්‍යක් (recreational drug) ලබා ගත් බවට සනාථ වීම හේතුවෙන්.

ක්‍රිකට් තහනමට අමතරව ජනවාරි මාසයේ සිට මාස තුනක කාලයක් සදහා ඔවුන්ගේ වැටුපට 50%ක දඩ මුදලක් පැනවීමට ද එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඔවුන්ට අමතරව 2021 වසරේ දී අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇති Kevin Kasuza ට ද තාවකාලික ක්‍රිකට් අත්හිටුවීමක් පනවා ඇත්තේ පසුගිය සතියේ දී ඔහු ද තහනම් මත්ද්‍රව්‍යක් ලබා ගෙන ඇති බවට අනාවරණය වීම හේතුවෙන්.

Wessly Madhevere හා Brandon Mavuta තහනම් මත්ද්‍රව්‍ය ලබා ගෙන ඇති බවට පසුගිය මාසයේ දී අනාවරණය වී තිබූ අතර, ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාට වහාම ක්‍රිකට් අත්හිටුවීමක් පනවනු ලැබුවා.

පසුගිය බදාදා සිදු කෙරුණු විභාගයකදී එම ක්‍රීඩකයින් දෙදෙනා සිය වරද පිළිගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...