මැන්කඩ් දවා ගැනීමත් අපතේ යයි – නවසීලන්තයට කඩුල්ලක තියුණු ජයක්

Date:

මෙවර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය‍ේ 11 වැනි තරගයේ දී එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය අද(23) සමත් වුණා.

දකුණු අප්‍රිකාවේ East London හී දී පැවැති තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ඇෆ්ඝනිස්තානයයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී පන්දුවාර 21.3 ක් අවසානයේ ලබා ගත්තේ ලකුණු 91 ක් පමණයි.

Jamshid Zadran ලකුණු 22 ක් රැස් කළ අතර, Matt Rowe ලකුණු 21 කට කඩුලු 5 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන් සමත් වූ නමුත්, පන්දුවාර 28.2 ක් අවසානයේ නවසීලන්ත ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Oscar Jackson ලකුණු 26 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී AM Ghazanfar ලකුණු 29 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

මේ අතර, මැන්කඩ් ක්‍රමය යටතේ දුවද්දී දවා ගැනීමක් සිදු කරමින් නවසීලන්ත ඉනිමේ 9 වැනි කඩුල්ල දවා ගැනීමට ඇෆ්ඝනිස්තානය කටයුතු කිරීම මෙම තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තවත් සිදු වීමක් බවට පත් වුණා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...