Watch : කුසල් පෙරේරා ගහපු දැවැන්ත හයේ පහර මෙන්න

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 තරගාවලියේ 6 වැනි තරගයේ දී දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට MI Emirates කණ්ඩායමේ ශ්‍රී ලංකා පිතිකරු කුසල් පෙරේරා සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Abu Dhabi Knight Riders කණ්ඩායමයි. මෙම තරගයෙන් MI Emirates කණ්ඩායම කඩුලු 9ක ජයක් වාර්තා කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 14.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 95 ක් පමණයි.

අන්ඩ්‍රි රසල් පන්දු 25 කින් වේගවත් ලකුණු 48 ක් රැස් කළා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් සමගින්.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් හා මුහම්මද් රෝහිඩ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමිරේට්ස් කණ්ඩායම පන්දුවාර 8.1 ක් අවසානයේ කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කුසල් පෙරේරා පන්දු 13 කින් ලකුණු 22 ක් ලබා ගත් අතර, මුහම්මද් වසීම් නොදැවී ලකුණු 26 යි. නායක නිකලස් පූරාන් පන්දු 16 කින් හයේ පහර 5 ක් හා හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 39 ක් ලබා ගත්තා.

කුසල් පෙරේරාගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර, එක් හයේ පහරක් මීටර් 101 ක් දුරට ඇදී යාම කැපී පෙනුණා. (දර්ශන කිහිපයක් පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...