Watch : වෙල්ලාලගේගේ පන්දු හමුවේ රිස්වාන්, හ්රිදෝයි හා රොස්ටන් චේස් දැවී ගිය හැටි

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේ දී අනර්ඝ පන්දු යැවීමක නිරත වීමට Fortune Barishal කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(23) සමත් වුණා.

මීර්පූර්හි පැවැති මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Comilla Victorians කණ්ඩායමයි. තරගයෙන් Victorians කණ්ඩායම කඩුලු හතරක ජයක් හිමි කර ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Fortune Barishal කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 161 ක් ලබා ගනිමින්.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 62 ක් ලබා ගත් අතර, සෞම්‍ය සාකාර් ලකුණු 42 කට දැවී ගියා. දුනිත් වෙල්ලාලගේ ලබා ගත්තේ ලකුණු 4ක් පමණයි.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රහ්මාන් ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත් අතර, රොස්ටන් චේස් හා මැතිව් ෆෝර්ඩ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Comilla Victorians කණ්ඩායම පන්දුවාර 19.5 ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉම්රුල් කෙයිස් ලකුණු 52 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 26 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ මොහඩ් රිස්වාන්, තව්හිද් හ්රිදෝයි හා රොස්ටන් චේස් යන පිතිකරුවන්. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...