ජාත්‍යන්තර ප්‍රවීණයින් තිදෙනෙකුගේ සේවය ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කරයි

Date:

පුහුණු වැඩසටහන් පවත්වමින් දේශීය පුහුණුකරුවන්ට මෙන්ම භෞතචිකිත්සකයින්ට (local coaches, trainers, physiotherapists) ඔවුන්ගේ කුසලතා සහ නිපුණතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් උසස් පුහුණුවක් ලබාදීම සඳහා ජාත්‍යන්තර ප්‍රවීණයින් කිහිප දෙනෙකුගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(18) නිවේදනය කළේ.

පන්දු රැකීමේ පුහුණුකරුවෙකු වන දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්, ඉන්දීය කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරුවෙකු වන භාරත් අරුන් හා හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ භෞතචිකිත්සක Alex Kountouri මෙලෙස අදාළ පුහුණු වැඩසටහන් සදහා එක්කර ගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මෙම වැඩසටහන මෙම වසරේ දී ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර, අද සිට ආරම්භ වූ නැෂනල් සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට ලබා දෙන තරග ගාස්තු ප්‍රමාණය ඉහළ නැංවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

විධායක කමිටුව ගත් තීරණ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...