පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ශ්‍රී ලංකාව තරග 2-1 ක් ලෙස T20 තරගාවලිය දිනයි

Date:

වනිදු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව අද(18) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක වනිදු හසරංග පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දුන් අතර, සිම්බාබ්වේ කණ්ඩායටම පන්දුවාර 14.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 82 ක් පමණයි.

වනිදු හසරංග ලකුණු 15 කට කඩුලු 4 ක් දවා ගනිමින් සිම්බාබ්වේ ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කළා. ඇන්ජෙලෝ මැතිව්ස් හා මහීෂ් තීක්ෂණ ද කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 12 කින් ලකුණු 29 ක් ලබා ගත් බ්‍රයන් බෙනට්. ශෝන් විලියම්ස් ලකුණු 15යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 10.5 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ල සදහා කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංක අතර පන්දුවාර 7.4 ක් තුළ ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. කුසල් ලකුණු 33(27) කට දැවී ගිය අතර, පැතුම් නොදැවී ලකුණු 39(23) යි. කුසල් පෙරේරා වෙනුවට කණ්ඩායමට කැදවූ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 15 ක් රැස් කළා.

මෙම තරගය වෙනුවෙන් අසනීප තත්ත්වයක් හේතුවෙන් චරිත් අසලංක ද ක්‍රීඩා කළේ නැහැ. ඔහු වෙනුවට කමිදු මෙන්ඩිස් කණ්ඩායමට කැදවා තිබුණා.

තරගයේ වීරයා ලෙස වනිදු හසරංග ද, තරගාවලියේ වීරයා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...