Watch : සිම්බාබ්වේ අසරණ කළ වනිදුගේ කඩුලු 4 මෙන්න

Date:

ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායක වනිදු හසරංග අද(18) විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් සිම්බාබ්වේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වුණා.

ඒ, දෙරට අතර රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වූ අතර, ඒ අනුව ඔහු තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, සිම්බාබ්වේ කණ්ඩායටම පන්දුවාර 14.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 82 ක් පමණයි.

වනිදු හසරංග ලකුණු 15 කට කඩුලු 4 ක් දවා ගනිමින් සිම්බාබ්වේ ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කළා. (දර්ශන පහතින්) ඇන්ජෙලෝ මැතිව්ස් හා මහීෂ් තීක්ෂණ ද කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කළ අතර, ඒ අනුව චරිත් අසලංක හා කුසල් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා හා කමිදු මෙන්ඩිස් කණ්ඩායමට කැදවීමටයි පියවර ගත්තේ. චරිත් අසලංක අසනීප තත්ත්වයකින් පසු වන බවයි නායක වනිදු හසරංග කියා සිටියේ.

සිම්බාබ්වේ කණ්ඩායම සදහා ද එක් වෙනස්කමක් සිදු කළ අතර, ඒ අනුව රයන් බර්ල් වෙනුවට Tony Munyonga කණ්ඩායමට කැදවනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...