ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ලබන 30 වැනිදා දිවයිනට

Date:

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ජනවාරි 30 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(18) නිවේදනය කළා.

මෙම සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද නිල වශයෙන් නිවේදනය කළ අතර, මීට පෙර මෙම තරග සංචාරයේ කාලසටහන ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් ද නිවේදනය කර තිබුණා.

ඒ අනුව තරග රටා ත්‍රිත්වයම ඇතුළත් මෙම සංචාරයට ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය පෙබරවාරි දෙවැනිදා ආරම්භ වන්නේ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී යි.

අනතුරුව එක්දින තරගාවලිය පෙබරවාරි 9, 11 හා 14 යන දිනවලදී කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය පෙබරවාරි 17 වැනිදා දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා. දෙවැනි 20යි 20 තරගය 19 වැනිදා ද, තෙවැනි 20යි 20 තරගය 21 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ACB

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...