තරග තහනමෙන් පසු පිටියට ආ ටොම් කරන්ට BBL තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයි

Date:

දණහිසක ආබාධයකට ලක් වීම හේතුවෙන් සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ එංගලන්ත ක්‍රීඩක ටොම් කරන්ට මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

මෙම ආබාධය හේතුවෙන් ඔහුට එළඹෙන ILT20 තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් පවතින බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමග පසුගියදා පැවැති තරගයේ දී ටොම් කරන් අදාළ ආබාධයට මුහුණ දුන්නා.

ඒ හේතුවෙන් ඔහුට මේ වන විට සිඩ්නි කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත මූලික වටයේ අවසන් තරග දෙක අහිමි වී තිබෙනවා. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන සික්සර්ස් කණ්ඩායම තවමත් අවසන් වටය සදහා සුදුසුකම් ලබා නැහැ.

Desert Vipers කණ්ඩායම නියෝජනය කරමින් ILT20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටින බැවින් ටොම් කරන් මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග සදහා ක්‍රීඩා කිරීමට ද නියමිතව සිටියේ නැහැ.

තරඟයකට පෙර සිව්වැනි විනිසුරුවරයා බිය ගැන්වීම යන චෝදනාවට වරදකරු වීම හේතුවෙන් ටොම් කරන්ට එරෙහිව බිග් බෑෂ් ලීග් තරග හතරක තහනමක් ද මීට පෙර පනවනු ලැබුවා.

Watch : විනිසුරු බිය ගැන්වූ ටොම් කරන්ට BBL තරග තහනමක්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...