Watch : වනිදුගෙන් සුපිරි ආගමනයක් – වාර්තා අතරට එක් වූ කඩුලු 7 මෙන්න

Date:

මාස කිහිපයකට පසු යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ශ්‍රී ලංකා සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද(11) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සුපිරි පන්දු යැවීමකින් සිය ආගමනය සනිටුහන් කිරීමට සමත් වුණා.

වනිදු මෙම තරග‍යේ දී කඩුලු හතක් දවා ගැනීමට සමත් වූ අතර, එම පන්දු යැවීමේ දක්ෂතාවය ඉතිහාසගත වුණේ එක්දින ඉතිහාසයේ 5 වැනි හොදම පන්දු යැවීම ලෙසයි.

එමෙන්ම වනිදු එක්දින ජාත්‍යන්තර පිටියේ දී දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ද එයයි.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තෙවැනි හා අවසන් එක්දින තරගය අද දහවල් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූයේ කාසියේ වාසිය සිම්බාබ්වේ පිලට හිමි කර දෙමින්.

ඒ අනුව පිතිකරණයේ නිරත වීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ඉනිමට අවස්ථා කිහිපයකදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

වර්ෂාව හේතුවෙන් සිම්බාබ්වේ ඉනිම පළමුව පන්දුවාර 7.4 ක් අවසානයේ දී තාවකාලිකව නතර කෙරුණු අතර, පසුව තරගයේ එක් ඉනිමක් පන්දුවාර 43 කට සීමා කරමින් ආරම්භ වුණා.

අනතුරුව යළි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණේ සිම්බාබ්වේ ඉනිමේ 12 වැනි පන්දුවාරයේ දී යි. පසුව එක් ඉනිමක් පන්දුවාර 27 කට සීමා කරමින් තරගය ආරම්භ වුණා.

සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 43 ක්. කෙසේ වෙතත්, අනතුරුව සිම්බාබ්වේ ඉනිමේ කඩා වැටීම ආරම්භ වුණේ වනිදු හසරංග පන්දු යැවීම ආරම්භ කිරීමත් සමගයි.

වනිදු මෙම තරගයේ දී පන්දුවාර 5.5 ක් යොමු කරමින් කඩුලු 7 ක් දවා ගැනීමට සමත් වුණේ ලකුණු 19 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...