වනිදුගේ වාර්තාගත පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාව තරගාවලිය දිනයි

Date:

මාස හයකට පමණ පසු යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගගේ වාර්තාගත පන්දු යැවීම හමුවේ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(11) සමත් වුණා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු අටක ජයක් වාර්තා කිරීමත් සමගයි.

වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 27 කට සීමා වූ මෙම තරගය ජය ගැනීම සදහා ලකුණු 97 ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 16.4 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

යළි අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු පිට පිට තෙවැනි තරගයේ දීත් ඉනිමේ පළමු පන්දුවාරයෙන්ම දැවී ගියා. ඒ, කිසිදු ලකුණක් ලබා නොසිටි පසුබිමකයි. මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ශෙවෝන් ඩැනියල් ලකුණු 12(28) යි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක කුසල් මෙන්ඩිස් පන්දු 51 කින් නොදැවී ලකුණු 66 රැස් කළා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 9ක් සමගින්. සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 14 යි.

අවසන් එක්දින තරගය අද දහවල් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූයේ කාසියේ වාසිය සිම්බාබ්වේ පිලට හිමි කර දෙමින්. ඒ අනුව පිතිකරණයේ නිරත වීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ඉනිමට අවස්ථා කිහිපයකදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

වර්ෂාව හේතුවෙන් සිම්බාබ්වේ ඉනිම පළමුව පන්දුවාර 7.4 ක් අවසානයේ දී තාවකාලිකව නතර කෙරුණු අතර, පසුව තරගයේ එක් ඉනිමක් පන්දුවාර 43 කට සීමා කරමින් ආරම්භ වුණා. අනතුරුව යළි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණේ සිම්බාබ්වේ ඉනිමේ 12 වැනි පන්දුවාරයේ දී යි. පසුව එක් ඉනිමක් පන්දුවාර 27 කට සීමා කරමින් තරගය ආරම්භ වුණා.

සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 43 ක්. කෙසේ වෙතත්, අනතුරුව සිම්බාබ්වේ ඉනිමේ කඩා වැටීම ආරම්භ වුණේ වනිදු හසරංග පන්දු යැවීම ආරම්භ කිරීමත් සමගයි.

වනිදු මෙම තරගයේ දී පන්දුවාර 5.5 ක් යොමු කරමින් කඩුලු 7 ක් දවා ගැනීමට සමත් වුණේ ලකුණු 19 ක් ලබා දෙමින්.

සිම්බාබ්වේ ඉනිම පන්දුවාර 22.5 ක් අවසානයේ දී සියලු දෙනා දැවී සටහන් වූයේ ලකුණු 96 ක් ලෙසයි. Joylord Gumbie ලකුණු 29 ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...